Zum Inhalt springen
TikMonkey

Für das Video 7696446557587115271 meldet diese Erfassung keine abspielbaren Medien; die öffentlichen Metadaten unten sind trotzdem indexiert.

රැප් සංගීත ලෝකයේ ජනප්‍රිය තරුවක් වූ ටූපැක් ෂකූර් ඝාතනය සැලසුම් කිරීමේ වරදට හිටපු අපරාධ කල… — @hirunews

Gepostet am 14. Okt. 2026 (vor über zwei Wochen)0 s1.682 Aufrufe

Video-Statistiken

Öffentliche Zahlen vom letzten Abruf.

Aufrufe
1.682
Likes
35
Kommentare
0
Shares
0
Gespeichert
2
Engagement
2,08 %
Dauer
0 s
Gepostet
14. Okt. 2026

Video-Einblicke

Das TikTok-Video „රැප් සංගීත ලෝකයේ ජනප්‍රිය තරුවක් වූ ටූපැක් ෂකූර් ඝාතනය සැලසුම් කිරීමේ වරදට හිටපු අපරාධ කල්ලි නායකයෙකු වන ඩුවේන් ඩේවිස්ට වසර 40 සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නියම කර තිබෙනවා. ඒ, 1996 වසරේදී අමෙරිකාවේ ලාස් වේගාස්හිදී සිදුවූ ටූපැක් ෂකූර්ගේ ඝාතනය සම්බන්ධයෙන් පැවති නඩු විභාගයෙන් ඔහු වරදකරු වීමෙන් අනතුරුවයි. 63 හැවිරිදි ඩේවිස්ට පසුගිය අගෝස්තු මාසයේදී පළමු මට්ටමේ මිනීමැරුම් චෝදනාවට ජූරි සභාවක් විසින් වරදකරු බවට තීරණය කර තිබුණා. ඒ අනුව, මිනීමැරුම සම්බන්ධයෙන් වසර 20 සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් සහ මාරාන්තික ආයුධයක් භාවිත කිරීම සම්බන්ධයෙන් තවත් වසර 20 සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලෙස අඛණ්ඩව ක්‍රියාත්මක වන සිරදඬුවම් දෙකක් ඔහුට නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 1996 සැප්තැම්බර් 7 වැනිදා ලාස් වේගාස්හි MGM Grand කැසිනෝ ශාලාව තුළදී ඩේවිස්ගේ බෑණාට ටූපැක් සහ ඔහුගේ පිරිස පහරදීමෙන් පසු පළිගැනීමේ අරමුණින් මෙම ඝාතනය සැලසුම් කර ඇති බවට නඩු විභාගයේදී අනාවරණ වී තිබෙනවා. එදින රාත්‍රියේ ටූපැක් ගමන් කරමින් සිටි මෝටර් රථය අසලට සුදු පැහැති රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා ඇති අතර, එහිදී ටූපැක්ට වෙඩි ප්‍රහාර හතරක් එල්ල වී තිබුණා. ඉන් දින හයකට පසු ඔහු රෝහලේදී මියගොස් තිබෙනවා. කෙසේ වෙතත්, ටූපැක්ට මාරාන්තික වෙඩි ප්‍රහාර එල්ල කළ පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් නිශ්චිතව තහවුරු වී නැහැ. ඩේවිස්ට එම වෙඩි තැබීම සිදුකළ බවට චෝදනා එල්ල වී නොතිබුණත්, අපරාධයට සම්බන්ධ වූ පුද්ගලයෙකු ලෙස මිනීමැරුම් චෝදනාවට වරදකරු කර තිබෙනවා. වසර ගණනාවක් පුරා නොවිසඳුණු මෙම ඝාතනය සම්බන්ධයෙන් ඩේවිස් 2023 වසරේදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු මාධ්‍ය හමුවලදී සිදුකළ ප්‍රකාශ සහ ඔහුගේ Compton Street Legend කෘතියේ සඳහන් කරුණු මෙන්ම විමර්ශකයන් සමග පැවැත්වූ රහසිගත සාකච්ඡාවල පටිගත කිරීම් ද නඩුවේදී සාක්ෂි ලෙස ඉදිරිපත් කර තිබෙනවා. අධිකරණයේදී අවසන් වරට අදහස් දැක්වීමට අවස්ථාව ලැබුණු විට ඩේවිස් ප්‍රකාශ කර ඇත්තේ, මෙම නඩුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවයි. ඔහුගේ නීතිඥවරයා ද අභියාචනයක් ඉදිරිපත් කරන බව සඳහන් කර තිබෙනවා. මේ අතර, අධිකරණයේදී සංවේදී ප්‍රකාශයක් සිදුකළ ටූපැක්ගේ සහෝදරිය වන සෙකියිවා ෂකූර් කියා සිටියේ, ඔවුන්ගේ මව ටූපැක්ව මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ලෙස ඇතිදැඩි කළ බවත්, ලෝකය යහපත් අතට වෙනස් කිරීමට ඔහුට හැකි බවට විශ්වාසයක් ඔහු තුළ ඇති කළ බවත්. 1990 දශකයේ රැප් සංගීත ලෝකයේ වඩාත්ම බලපෑම් සහගත කලාකරුවෙකු වූ ටූපැක් ෂකූර්ගේ ඝාතනය, එවකට අමෙරිකාවේ නැගෙනහිර සහ බටහිර වෙරළබඩ රැප් සංගීත කණ්ඩායම් අතර පැවති ගැටුම් තවදුරටත් උත්සන්න කිරීමට ද බලපා තිබුණා. මූලාශ්‍රය : රොයිටර්ස් #HiruNews #HiruNewsLK #TruthAtAllCosts“ von @hirunews kommt laut den von diesem Index erfassten öffentlichen Kennzahlen auf 1.682 Aufrufe, 35 Likes, 0 Kommentare, 0 Shares. Das entspricht einer Engagement-Rate von 2,08 % (Likes, Kommentare und Shares im Verhältnis zu den Aufrufen). Es wurde vor über zwei Wochen gepostet und dauert 0 Sekunden. Es wurde 2 Mal gespeichert.

Datenstand: 14. Okt. 2026 (UTC), vom letzten öffentlichen Abruf dieses Index.

Hiru News

@hirunews · Verifiziert

ජාත්‍යන්තර ප්‍රමිතිගත ප්‍රවෘත්තිකරණයේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය සන්නාමය

Profil ansehen
Follower
2.288.436
Gefolgt
10
Likes
285.008.805
Videos
22.232

Neueste Videos

MEHR VON @HIRUNEWS

Häufige Fragen

Wie viele Aufrufe hat dieses TikTok-Video?
Die hier indexierte Erfassung meldet 1.682 Aufrufe, 35 Likes und 0 Kommentare.
Wer hat dieses TikTok-Video gepostet?
Gepostet wurde es von @hirunews, das Profil ist auf dieser Seite verlinkt.
Wie hoch ist die Engagement-Rate dieses TikTok-Videos?
Über die erfassten Kennzahlen hinweg liegt die Engagement-Rate bei 2,08 % (Likes + Kommentare + Shares im Verhältnis zu den Aufrufen).
Wann wurde dieses TikTok-Video gepostet?
Gepostet am 2026-10-14, vor über zwei Wochen.